වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළට තවත් මිනිස් අස්ථි කොටස් කිහිපයක් ගොඩගසයි

Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් කිහිපයක් යාපනය,වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව, යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ, ප්‍රදේශයේ ධීවරයින් ලබාදුන් තොරතුරක් මත අදාළ අස්ථි කොටස් කිහිපය සොයාගත් බවයි.

මීට පෙරද, වැල්වැටිතුරෙයි වෙරළට මළ සිරුරක් ගොඩගසා තිබියදී සොයාගත් අතර,අදාළ මළ සිරුරු වල අනන්‍යතාවය මේ දක්වා හදුනාගෙන නොමැති බව ද, පොලිසිය පවසනවා.

සොයාගත් මිනිස් අස්ථි කොටස් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.

පසුගිය සමයේ යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව,වැල්වැටිතුරෙයි,කයිටිස්,ඩෙල්ෆ්,මරුදන්කේනි ආදි වෙරළ සීමාවන්ට මිනිස් මළ සිරුරු හයක් ගොඩගසා තිබු අතර, අදාළ මළ සිරුරුවල අනන්‍යතාවය මේ දක්වා සොයාගෙන නොමැති බවයි, පොලිසිය සදහන් කළේ.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ, කිසියම් බෝට්ටු අනතුරකින් මියගිය පිරිසකගේ මළ සිරුරු එලෙස වෙරළ සීමාවන්ට ගොඩ ගසන්නට ඇති බවට සැක පළ කරන බවයි.

166


ඉඩම් ඔප්පු සහ පත් ඉරු ඔන්ලයින් ක්‍රමයට.
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හ...Read More

ආසියාවේ රැජිණට, ලෝක බලවතුන් අතර තරගයක්.
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හ...Read More

පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් දඹුල්ල ආර්ථ...
Tuesday, 14 December 2021 - 14:45

කල්ඉකුත් වු සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍ය...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?