කොරෝනා යළි හිස ඔසවයි ... ඔක්සිජන් මත යැපෙන රෝගීන් වැඩි.

Friday, 26 November 2021 - 10:27

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍රමික වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඒ, ඉකුත් දින කිහිපයේ යළි මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාව වැඩි වීමත් සමගයි. ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය ප්‍රකාශකයෙකු පැවසුවේ මේවනවිට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද වැඩිවෙමින් ඇති බවයි. මේ හේතුවෙන් සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපැදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මෙරට කොරෝනා තත්ත්වය උත්සන්න වූ සමයේ පැතිර ගියේ ඩෙල්ටා ප්‍රභේදයයි. එහෙත් මේවනවිට ප්‍රදේශ වශයෙන් ඩෙල්ටා උප ප්‍රභේද බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණ කර තිබෙනවා. එම උප ප්‍රභේද 02 ක් මේවනවිටත් සොයා ගෙන අවසන්. සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ අනාවරණ කළේ මෙතෙක් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව බහුලව පැතිර ගිය කොරෝනා වෛරසය මේවනවිට ග්‍රාමීය ප්‍රදේශවලින් බහුලව වාර්තා වන බවයි.
20


වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළට තවත් මිනිස...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් කිහිපයක් යාපනය,වැල්වැටි...Read More

ඉඩම් ඔප්පු සහ පත් ඉරු ඔන්ලයින් ක්‍රමයට.
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හ...Read More

ආසියාවේ රැජිණට, ලෝක බලවතුන් අතර තරගයක්.
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හ...Read More