පොලිසියට පහරදුන් 6ක් රාජගිරියේදී කොටුවෙයි

Friday, 26 November 2021 - 09:39

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර බරපතළ තුවාල සිදුකිරිමේ චෝදනා මත පුද්ගලයින් 06 දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් විසින් පසුගිය ඔක්තොම්බර් මස 4 වනදා ධර්මපුරම් පිරමන්දාරු ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් සමථයකට පත්කිරීමට ගිය ධර්මපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට පහරදීමක් සිදුකර තිබුණි. එහිදි එක් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර පහරදුන් පුද්ගලයින් සොයා පොලිස් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. ඒ අනුව ඊට සම්බන්ධ පුද්ගලයින් 06දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිටියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (26) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


20


වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළට තවත් මිනිස...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් කිහිපයක් යාපනය,වැල්වැටි...Read More

ඉඩම් ඔප්පු සහ පත් ඉරු ඔන්ලයින් ක්‍රමයට.
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හ...Read More

ආසියාවේ රැජිණට, ලෝක බලවතුන් අතර තරගයක්.
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හ...Read More