කැලෑවකින් හමු වූ මිනිස් ඇට සැකිලි

Thursday, 25 November 2021 - 10:30

කරුවලගස්වැව පොලිස් වසමේ එගොඩපිටිය, පහළවැව ප්‍රදේශයේ කැලෑවක් තුළ මිනිස් ඇටසැකිල්ලක් ඇති බව බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර, මියගිය අයගේ ඇටසැකිල්ලක්, පාවහන් යුගලක් හා පිහියක් සොයාගෙන ඇත. එම පාවහන් යුගල සහ පිහිය 2021.10.23 වන දින අතුරුදන්ව සිටි කාන්තාවක් දර කැඩීම සඳහා රැගෙන ගිය පිහිය බවත් ඇය අතුරුදන් වන අවස්ථාවේ පැලඳ සිටි පාවහන් යුගල බවටත් ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මිනිස් ඇටසැකිල්ල පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත. කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
27


වැල්වැටිතුරෙයි,සින්නමලෙයි වෙරළට තවත් මිනිස...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් කිහිපයක් යාපනය,වැල්වැටි...Read More

ඉඩම් ඔප්පු සහ පත් ඉරු ඔන්ලයින් ක්‍රමයට.
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ පත් ඉරු පිටපත් මාර්ගගත හ...Read More

ආසියාවේ රැජිණට, ලෝක බලවතුන් අතර තරගයක්.
Thursday, 16 December 2021 - 10:51

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හ...Read More