ජනතාව කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම නිසා ඇමරිකාව අවධානමක

Thursday, 14 October 2021 - 11:21

ඇතැම් ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මේ වන විට අමෙරිකාව බරපතළ ගැටලුවකට මුහුණපා සිටී. ජාතික එන්නත්කරණ වැඩපිළිවෙල පවත්වාගැනීම සඳහා ෆෙඩරල් රජය උත්සහ දරමින් සිටින නමුත් ඇතැම් පාර්ශ්වයන්ගෙන් එල්ල වන එන්නත් විරෝධය නිසා එලඹෙන ශීත ඍතුවේදී වෛරස ව්‍යාප්තිය යළි ඉහළ යාමේ අවදානමක් මතුවී තිබේ. ගුරුවරු සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවකයන්ට එන්නත අනිවාර්ය කිරීමේ නීතිය අවලංගු කරන ලෙස විරෝධතාකරුවන් කළ ඉල්ලීමක් මැන්හැට්න් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි. මෙවර සටනින් පරාජය වුවත් තමන් මේ යුද්ධය අත්නොහරින බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.මේ අතර අමෙරිකාවේ සේවය හැර යන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත අයුරින් ඉහළ යමින් ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

39


ඉන්දියාව ක්‍රිප්කටෝකරන්සි තහනමකට සැරසෙයි.
Friday, 26 November 2021 - 10:44

තම රට තුළ බොහෝ ක්‍රිප්ටෝකරන්සි තහනම් කිරීමට ...Read More

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්...
Friday, 26 November 2021 - 10:39

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි...Read More

ස්වීඩනයේ පළමු අගමැතිනිය පැයෙන් ධුරය අත්හරී.
Thursday, 25 November 2021 - 10:40

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙ...Read More