අතුරුදන්වූ මල්ලවපොර උප සභාපති

Tuesday, 12 October 2021 - 10:54

2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරඟාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරඟ සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා අතුරුදන්ව තිබේ. මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදුකරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.
ඒ පිළිබඳව අදහස් දැක්වු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව “ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය” වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවය. මේ සම්බන්ධව ජාත්‍යන්තර මල්ලවපොර සම්මේලනයටත්, නෝර්වේ මල්ලවපොර සම්මේලනයටත් දැනුම් දී තිබෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඒ මහතා පැවසීය. තරඟාවලියට සහභාගීවීම සඳහා ලබාදුන් මුදල් ද අදාළ කළමණාකරවරයා විසින් රැගෙන ගොස් ඇත්දැයි විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
30


ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්.
Friday, 26 November 2021 - 10:52

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ...Read More

ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගයේ අවසන් ද...
Thursday, 25 November 2021 - 10:51

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ...Read More

LPL 2021 තරඟය නැරඹීමට සීමිත පිරිසකට අවසර .
Wednesday, 24 November 2021 - 11:30

ලංකා ප්‍රිමිය ලිග් තරඟාවලිය සීමිත ප්‍රේක්ෂ...Read More