ඊයේ ආසාදිතයන් 1332ක්

Saturday, 25 September 2021 - 11:05

මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,332 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 511,372 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් පුද්ගලයින් 452,692 ක් මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 46,150 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඉකුත් 23 වනදා සිදුවූ කොරෝනා මරණ 82 ක් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක්. මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් ප්‍රදේශ රැසකදී ක්‍රියාත්මකයි. පොදු ස්ථානවලට ඇතුළුවීමේදී කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත අනිවාර්යය කිරීමට මීට පෙර තීරණය කෙරුණා. එන්නත ලබාගත් පුද්ගලයෙකු සතු කොවිඩ් එන්නත්කරණ කාඩ්පත අස්ථානගත වුවහොත් ඒ වෙනුවට කාඩ්පතක් ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.
14


අද කාලගුණය .
Friday, 15 October 2021 - 10:52

දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ග...Read More

නඩු දෙකෙන්ම රිෂාඩ් ට ඇප .
Friday, 15 October 2021 - 10:20

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ ප...Read More

මෙරට කොවිඩ් පාලනය සාර්ථක අදියරකට.
Friday, 15 October 2021 - 10:18

ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත පාලනයේ සාර්ථක අදි...Read More