දෙමව්පියන්ට නඩු දැමු දමිළ චිත්‍රපට නළුවා

Friday, 24 September 2021 - 11:19

තම නම භාවිතා කිරීමට එරෙහිව සුපිරි කොලිවුඩ් නළු ජෝසප් විජේ චන්ද්‍රසේකර් විසින් ඔහුගේ දෙමාපියන් ඇතුළු 11 දෙනෙකුට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කර තිබෙනවා. ඔහු චිත්‍රපට නිෂ්පාදක එස් ඒ චන්ද්‍රසේකර්ගේ සහ ශෝභාගේ පුත්‍රයා වනවා. නගර උසාවියේ ගොනු කර තිබූ මෙම නඩුවෙන් ඔහු පවසන්නේ,  ප්‍රසිද්ධ රැස්වීම් සංවිධානය කිරීම සඳහා තම නම භාවිතා කිරීමට කිසිවෙකුටත් අවසර නැති බවයි. තම පුතා දේශපාලනයට උනන්දුවක් දක්වන බව ඔහුගේ පියා මෑතකදී හෙළි කළා. එබැවින් ඔහුගේ පියා විසින් දේශපාලන පක්ෂයක් ද ලියාපදිංචි කර තිබෙනවා. පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස චන්ද්‍රසේකර් ඔහුගේ බිරිඳ ශෝභාව පත් කර ඇති අතර ඔහුගේ ඥාති පද්මනාබන් පක්ෂයේ සභාපති ලෙස නම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ. නිවේදනයක් නිකුත් කරමින් විජය පවසන්නේ , තමන් කිසිදු පක්‍ෂයක් ආරම්භ කිරීමට අවසර නොදුන් බවයි. මෙම නඩුව සැප්තැම්බර් 27 දින විභාගයට ගැනීමට නියමිතයි.
18


තායිවානයේ නිවාස සංකීර්ණයක ගින්නක්.
Friday, 15 October 2021 - 10:37

තායිවානයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් ...Read More

එංගලන්ත සංචාරකයින්ට ඉන්දියාවට පැමිණීමට අවස...
Friday, 15 October 2021 - 10:27

ඉන්දියාව අද නිවේදනය කළේ එරටට පැමිණෙන පූර්ණ එ...Read More

ජනතාව කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම ...
Thursday, 14 October 2021 - 11:21

ඇතැම් ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍...Read More