පෝර්ට් සිටි එකට අනවසරයෙන් රිංගන්න හැදූ 5ක් කොටු | චීන්නෙකුත් ඒ අතර

Monday, 19 July 2021 - 16:39

කොළඹ වරාය නගර පරිශ්‍රය වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරීමේ දී චීන ජාතිකයෙකු සහ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙනවා. වරාය නගරය ආසන්න අධිවේගි මාර්ග පද්ධතිය සංවර්ධන කටයුතු සඳහා මිනිස් ශ්‍රමය සපයන ආයතනයක සේවය කළ අදාළ චීන ජාතිකයා විසින් පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු වරාය නගරයට ඇතුළු කිරීමට උත්සහ කර ඇති බව පොලීසිය පවසා සිටිනවා. වරාය නගරයට පුද්ගලයින් ඇතුළු කිරිම සඳහා අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරිම හේතුවෙන් චීන ජාතිකයා ඇතුළු පිරිස වරාය අධිකාරියේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලීසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටිනවා. සැකකරුවන් 05 දෙනා අද  කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

26


අද කාලගුණය .
Friday, 15 October 2021 - 10:52

දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ග...Read More

නඩු දෙකෙන්ම රිෂාඩ් ට ඇප .
Friday, 15 October 2021 - 10:20

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ ප...Read More

මෙරට කොවිඩ් පාලනය සාර්ථක අදියරකට.
Friday, 15 October 2021 - 10:18

ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත පාලනයේ සාර්ථක අදි...Read More