කොරෝනා වැළඳී සුවවීමෙන් පසු දරුවන්ට බෝවන මාරාන්තික රෝගයක්

Tuesday, 22 June 2021 - 09:52

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙයි. කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 – 6ක් පමණ කාලයක් ගතවන විට එම නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා බවයි ඔහු වැඩිදුර සඳහන් කර සිටියේ. කොරෝනා සෑදී සුවවීමෙන් පසු වෙනත් ආබාධවලට ගොදුරු වූ දරුවන්  06 දෙනෙක් දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද එම දරුවන් වයස අවුරුදු 8ත් 15ත් අතර අය බව ද වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුර සඳහන් කර සිටියි. මෙය පළමු වරට 2020 අප්‍රේල් මාසයේදී එංගලන්තයෙන් හඳුනාගෙන ඇති අතර උණ, දැඩි ඇඟේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයක් හට ගැනීම එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වනබවයි ඔහු වැඩිදුර පවසා සිටියේ.

107


තායිවානයේ නිවාස සංකීර්ණයක ගින්නක්.
Friday, 15 October 2021 - 10:37

තායිවානයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් ...Read More

එංගලන්ත සංචාරකයින්ට ඉන්දියාවට පැමිණීමට අවස...
Friday, 15 October 2021 - 10:27

ඉන්දියාව අද නිවේදනය කළේ එරටට පැමිණෙන පූර්ණ එ...Read More

ජනතාව කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම ...
Thursday, 14 October 2021 - 11:21

ඇතැම් ජනතාව කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ප්‍...Read More