ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම්

Tuesday, 08 June 2021 - 14:51

ශ්‍රී ලංකාව තුළ ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සඳහා ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණයෙන් යුත් රුසියාවට ඇරයුම් කළ බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුන්ට සැපයීමට එකඟ වූ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවැති 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුවට සහභාගි වී සිටිය දී වීරවංශ අමාත්‍යවරයා ඒහා සමගාමීව රුසියානු රජයේ කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉහළපෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දීයි මෙම එකඟතාවට පැමිණ ඇත්තේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදනාගාරයක් අරඹා නිදහස් වෙළඳ ගිවිසුම් ද යොදා ගනිමින් එම නිෂ්පාදන ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලට අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද රුසියානු රජයේ නියෝජිතයන් සමග මෙහිදී සාකච්ඡා සිදුකළ බවයි කර්මාන්ත අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම තේ සහ රබර් වැනි අපනයනයන්ට අමතරව ශ්‍රී ලංකාවෙන් රුසියාවට සිදු කෙරෙන අපනයන ප්‍රමාණය වැඩි කරගැනීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බවත් ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තත්ත්වයෙන් ඉහළ සිය නිෂ්පාදන රුසියාවට අපනයනය සඳහා ඉඩකඩ විවර වනු ඇති බවත් එය මෙරට ව්‍යවසායකයන්ට ලැබුණු අනගි අවස්ථාවක් බවත් කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙහිදී ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ රුසියානු ඉහළපෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයින් පිරිසක් වෙත ප්‍රදර්ශනය කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම මසක් ඇතුළත සිදු කිරීමට නියමිත බව සඳහන්. මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව රජය වෙනුවෙන් එක්ව සිටියා.


33


ඉදිරි දින කිහිපයෙ වැසි.
Saturday, 25 September 2021 - 11:49

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ...Read More

යුගදනවි ගිවිසුම අත්සන් කළා....අමාත්‍ය ගාමිණි ...
Saturday, 25 September 2021 - 11:39

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% ...Read More

NMRA දත්ත මැකීයාම - මධුර විතානගේගෙන් හෙළිදරව්ව...
Saturday, 25 September 2021 - 11:37

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා ...Read More