ලෝකයේ ගැඹුරුම ගෘහස්ත තටාකය ඉදිවෙයි

Saturday, 05 June 2021 - 16:13

බ්‍රිතාන්‍ය සමාගමක් විසින් බ්ලු අයිස් නමින් ලෝකයේ ගැඹුරුම ගෘහස්ත තටාකය ඉදිකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම තටාකයේ ගැඹුර අඩි 164 කින් යුක්ත ( මීටර් 50) කින් යුක්ත බවයි වාර්තා වෙන්නේ. මෙම තටාකය පිහිනීම සඳහා මහජනයාට විවෘත නොවන අතර එය බලශක්ති, සමුද්‍ර, ආරක්ෂක සහ අභ්‍යවකාශ යන අංශවලට සේවය කරන පර්යේෂණ, පරීක්ෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම තටාකයේ සම්පුර්ණ වැඩකටයුතු තවමත් නිම නොවී ඇති අතර එය 2023 වර්ෂයේ දෙවන කාර්තුවේදී අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට ඉදිකර පවතින ලොව ගැඹුරුම තටාකය පෝලන්තයේ මොස්කව් නුවර පිහිටා ඇති අතර එහි ගැඹුර මීටර් 45ක් වනවා.


113


ඉන්දීය අධිකරණයක් තුළ ඝාතනයක්.
Saturday, 25 September 2021 - 11:44

ඉන්දියාවේ නවදිල්ලියේ අධිකරණයක් තුළදී අපරාධ...Read More

ස්පාඤ්ඤයේ ගිනිකන්දක් සක්‍රීය වෙයි .
Saturday, 25 September 2021 - 11:41

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ පිහිටි කුම්බ්රේ වී...Read More

තලෙබාන් පාලනය රටවල් 3ක් සමග සාකච්ඡා.
Friday, 24 September 2021 - 11:28

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය හිමි තලෙබාන් සංවිධා...Read More