සෞදි අරාබිය හා ඉරානය අතර සාකච්ඡා පැවති බව සනාථ වෙයි – ඉරාක ජනපතිගෙන් හෙළිදරව්වක්

Saturday, 08 May 2021 - 11:45

ඉරානය හා සෞදි රජය අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා සිදු කෙරුණු බවට ඉරාක ජනාධිපති බර්හම් සාලී ප්‍රසිද්ධියේ පිළිගෙන සිටියා. බේරුටයේ පවතින ආයතනයකට මාර්ගගතව සිදු කරන ලද මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සදහන් කර තිබෙනවා.
සවුදි අරාබියේ සහ ඉරානයේ ප්‍රධාන නියෝජිතයින් බැග්ඩෑඩයේදී ඍජුව හමුවී සාකච්ඡා වාර කිහිපයක් ම පවත්වා ඇති බව ඔහු සඳහන් කර සිටියා. මෙම සාකච්ඡා තවදුරටත් සිදු කෙරෙණු ඇති බවටත් ඒ සඳහ ඉරාකය ඉදිරියටත් සහය වීමට සූදානම් බව ද ඉරාක ජනාධිපතිවරයා වැඩිදුර පවසා සිටියා. මේ අතර ඉරානය සහ සෞදි අරාබිය අතර ගැටුම්, අද මැද පෙරදිග දිගින් දිගටම පවතින නොසන්සුන්තාවයට එක් ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ. රාජ්‍යයන් දෙකම වෙන වෙනම හමුවී ඔවුන්ගේ මතභේද නිරාකරණය කර ගැනීමෙන් මැද පෙරදිග දිගු කලක් තිස්සේ බලා සිටි සාමය යළි ස්ථාපිත කිරීමට හැකි වනු ඇතැයි මැදපෙරදිග රාජ්‍ය තාන්ත්‍රිකයන් විශ්වාසය පළ කර සිටිනවා.
29


ඉන්දියාවේ දී කොවිඩ් ආසාදනය වී සිංහයෙක් මියය...
Thursday, 10 June 2021 - 10:46

ඉන්දියාවේ සත්වෝද්‍යානයක වයස අවුරුදු 9ක් පමණ ...Read More

තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබියේ දි Abu Dhabi Big Ticket ...
Saturday, 05 June 2021 - 16:14

ඩුබායි රාජ්‍යයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකය...Read More

ලෝකයේ ගැඹුරුම ගෘහස්ත තටාකය ඉදිවෙයි.
Saturday, 05 June 2021 - 16:13

බ්‍රිතාන්‍ය සමාගමක් විසින් බ්ලු අයිස් නමින...Read More