20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැටෙයි | මැදිරි කිහිපයක්ම පහල මාර්ගයට ඇද වැටෙයි

Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් මතින් මෙට්රෝ දුම්රිය ගමන් කරමින් සිටියදී පාලම කඩා වැටී පාලම පහළ සිටි පුද්ගලයින් 20කු පමණ ජීවිත අහිමි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දුම්රිය පාලම මතින් ගමන් කරමින් සිටියදී හදිසියේම පාලම කඩා වැටී ඇති අතර පාලම පහළින් ගමන් කරමින් සිටි රථ වාහන රැසක් මෙමඟින් හානියට පත් වී තිබෙනවා.  ඒ අනුව 20 කු පමණ ජීවිතක්ෂයට පත් වී ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. දුම්රිය මැදිරි කීපයක්ම පාහේ පාලමෙන් පහළට ඇද වැටී ඇති අතර මුදවා ගැනීමේ සහ ගිනි නිවීමේ හමුදාව එක්ව මෙම අනතුරින් විපතට පත් වූ තුවාල ලබා සිර වී සිිටි පාර්ශවය බේරා ගැනිමට ක්‍රියා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍යයේ නිකුත්  කර ඇති අතර මේ දක්වා ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 20ක් වන අතර මෙම සංඛ්‍යාව වැඩිවිය හැකි බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා

49


එංගලන්තයේ නිරෝධායන නීති ඉවත් කර දමයි.
Tuesday, 20 July 2021 - 13:28

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන...Read More

බ්‍රසීල ජනපතිට ඉදිරියේ දී ශල්‍යකර්මයක්.
Friday, 16 July 2021 - 11:02

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්...Read More

ඊබ්‍රාහිම් රයිසි ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙ...
Tuesday, 22 June 2021 - 09:57

ඉරානයේ 8වන ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහීම් රියි...Read More