දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි

Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍ය කොන්දේසි මත විවෘත කර පැයක් ගතවීමට පෙර සෞඛ්‍ය නීති කඩකල වෙළඳසැල් පහක් වසා දැමීමට නාගරික සෞඛ්‍ය ඒකකය අද පියවර ගත්තා. එළවළු ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සහ ජනතාවට අවැසි එළවළු ලබගැනීම සඳහා රජය දැඩි කොන්දේසි මාලාවක් ඔස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම පහට විවෘත කරනු ලැබුවා. ආර්ථික මධ්‍යස්ථානයට අද දින අළුයම් කාලයේ එළවළු ගොවීන් විසින් තම අස්වැන්න රැගෙනවිත් තිබුණු අතර දැඩි සෞඛ්‍ය නීති යටතේ මෙම පිරිස් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කරගැනීමට පියවර ගනු ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. ඒ අනුව එක වෙළඳසැලකට සේවකයින් හතර දෙනා බැගින් පීසීආර් පරීක්ෂණ සිදු කොට නිරෝගී පුද්ගලයින් පමණක් ඇතුළත් කරගැනීම සිදුකරනු ලැබූ බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී ද බොහෝ සේවකයින් එක්රැස් වනවාත් සමඟ පොලීසිය පැමිණ එම පිරිස් මීටර් දෙකක දුරකින් තබා ගන්නා ලෙස අවවාද කර තිබෙනවා. පසුව නගරාධිපති ජාලිය ඕපාත මහතා දඹුල්ල පොලිසිය වෙළෙඳ සංගමයේ සභාපති යූ බී ඒකනායක කළමණාකරන භාරයේ
කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් අළුයම් කාලයේ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ කටයුතු අධීක්ෂණය
කරනු ලැබූ බව සඳහන්.

27


දෙවසරකින් විවෘත වූ මවුස්සාකැලේ ජලාශයේ වාන් ...
Tuesday, 15 June 2021 - 11:16

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහ...Read More

වෛද්‍ය රසායනාගාර ඉවතලන අපද්‍රව්‍ය නාගදීප ද...
Tuesday, 15 June 2021 - 11:01

යාපනය, නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට වෛද්‍ය...Read More

කුමාර් සංගක්කාර ICC විශිෂ්ඨයන්ගේ නාමාවලියට.
Tuesday, 15 June 2021 - 10:56

ICC විශිෂ්ඨයන්ගේ නාමාවලියට ශ්‍රී ලංකා හිටපු ප...Read More