ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කෙරේ

Monday, 03 May 2021 - 10:39

ශ්‍රී ලංකාව සහ ඕමාන රාජ්‍යය අතර ආහාර අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් ඉකුත් දා ඕමානයේදී සිදු කෙරුණා. ඕමාන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ ඕමාන් ෆුඩ් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින් සමාගමේ සාලේ එම්. අල් ෂන්ෆාරි මහතා අතර මෙම සාකච්ඡාව පැවති අතර  ආහාර අංශයේ අන්‍යෝන්‍ය සහයෝගීතාව සඳහා නව ක්ෂේත්‍ර ගවේෂණය කළ ඔවුහු ඕමානයේ ෆුඩ් ඉන්වෙස්ට්මන්ට්හෝල්ඩින් සමාගම (OFIC) සහ ශ්‍රී ලංකාවේ ආහාර අංශයේ සමාගම් අතර අන්තර් ව්‍යාපාර සබඳතා සම්බන්ධ කිරීමට එකඟ වූහ. ඕමාන් ෆුඩ් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින් සමාගම යනු රජයේ නියෝජිතායතන, පෞද්ගලික මෙහෙයුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ හවුල්කාරිත්වය තුළින් ඕමානයේ ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම සඳහා බලය පවරන ලද ඕමාන ආයෝජන අධිකාරියට අයත් රාජ්‍ය ව්‍යවසායයකි (SOE). ආහාර සමාගම්, ආයෝජකයින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් දේශීය හා ජාත්‍යන්තර ආහාර ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමෙන් ඕමානයේ ආහාර සුරක්‍ෂිතතාව සහ ආර්ථික යහපැවැත්ම ඉහළ නැංවීම OFICහි අරමුණයි. තානාපති අමීර් අජ්වාඩ් මහතා සමඟ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් දිලිනි අබේසේකර මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගී වූවාය.

120


ස්මාර්ට් කැබ් රථ ආනයනයේදී රේගුව විසින් අඩු බ...
Saturday, 24 July 2021 - 14:06

ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුර...Read More

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා බහරේනය ...
Wednesday, 21 July 2021 - 10:32

මැද පෙරදිග සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරී...Read More

ගෑස් සිලින්ඩර්වල බර කිරයි | වෙළඳසැල් කිහිපයක...
Wednesday, 02 June 2021 - 21:56

වෙළෙඳපොලේ විකිණීමට තබා ඇති ගෘහස්ථ ගෑස් සිලි...Read More