2020 මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතර මුල් තැනට මැදපෙරදිග රටවල් 4ක් | චීනය හා ද.කොරියාවේ නම් ලැයිස්තුවේ ද නොමැත.!

Thursday, 22 April 2021 - 10:46

2020 ගෝලීය වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතරින් ප්‍රථම ස්ථානයේ සිට සිවුවන ස්ථානය දක්වා මැද පෙරදිග රටවල් පිළිවෙලින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල්) පවසනවා. ඒ අනුව අදාළ ලේඛනයේ මුල් තැන ගන්නා රටවල් ලෙස ඉරානය,ඊජිප්තුව, ඉරාකය, සෞදි අරාබිය, යන රටවල් පවතින බවයි නිවේදනයේ සඳහන්. තවද ඉකුත් වසරේ සිදු කෙරුණු 483ක මරණ දණ්ඩන ලබා දීමේ දී 88%ක මරණ දණ්ඩන උක්ත රටවල් වලින් නියම කර ඇති බව මානව හිමිකම් කවුන්සිලය වෙත අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් මෙම වාර්තා ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. ගෝලීය වශයෙන් සියලුදෙනා පාහේ මාරාන්තික වෛරසයෙන් නිලීන වන ජීවිත බේරා ගැනීම සහා වෙර දරමින් සිටින මේ වකවානුවේදී මෙම රටල් මරණ දණ්ඩනය නියම කිරීම ඉතාමත් ඛේදනීය තත්වයක් බවයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැඩිදුර සඳහන් කරන්නේ.
මේ අතර චීනයේදී උයිගර් මුස්ලිම්වරුන් සහ ඇතැම් රාජ්‍ය විරෝධීන්ට එරෙහිව සිදු කරන මර්දන ක්‍රියාවලියේද ජීවිත රැසක් සිදුව ඇති අතර නීති විරෝධී මරණ දණ්ඩන නියම කිරීම් සිදු වී තිබෙනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයේ නිකුත් කළ වාර්තාවේ දී වචනයෙකුද සඳහන් නොවන අතර වාර්ෂීකව චීනයේ උක්ත ලැයිස්තුවේ සඳහන් රටවල් වලට වඩා මහා පරිමාණයේ මරණ දණ්ඩන නියම කිරීම් සිදු වන බව ද වාර්තා වේ. තවද දකුණු කොරියාව සහ වියට්නාමය රටවල් වලද මේ ආකාරයේ මරණ දණ්ඩන නියම කිරීම් සිදු කෙරන අතර ඒ සම්බන්ධයෙන් මෙම වාර්තාවේ කිසිවක් සඳහන් නොවීම විමතියට කරුණකි.
12


ස්පුට්නික් V – Light Version එක නිකුත් කරයි.
Saturday, 08 May 2021 - 11:47

COVID-19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ තනි මාත්‍රා එ...Read More

සෞදි අරාබිය හා ඉරානය අතර සාකච්ඡා පැවති බව සන...
Saturday, 08 May 2021 - 11:45

ඉරානය හා සෞදි රජය අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා...Read More

ටෝකියෝ ඔලිම්පික් සඳහා ‌සුදුසුකම් ලබාගත් දෙ...
Friday, 07 May 2021 - 16:54

2021 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්...Read More