සටන්කාමීන් ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

Wednesday, 21 April 2021 - 09:07

සටන්කාමීන් සමග ඇතිවූ ගැටුමක් අතරතුර චැඩ් ජනාධිපති ඉද්රිස් ඩේබි මරණයට පත්වූ බව එරට හමුදාව නිවේදනය කරයි.
ඔහු පසුගිය සති අන්තයේ උතුරු දේශසීමාවේ ස්ථානගත වී සිටින හමුදා භටයින් හමුවීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇතිවූ ප්‍රහාරයකින් ජනාධිපතිවරයා මියගිය බව සඳහන් වේ. එරට මැතිවරණය පසුගිය 11 වනදා පැවති අතර එහි මූලික ප්‍රතිඵල අනුව ජනාධිපතිවරයා සය වැනි වරටත් තේරී පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහුගේ මරණින් පසුව රජය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉදිරි මාස 18 සඳහා රට පාලනයට මිලිටරි කවුන්සිලයක් ස්ථාපනය කර තිබේ. 1990 දී ආයුධ සන්නද්ධ අරගලයකින් අනතුරුව ඉද්රිස් ඩේබි, චැඩ් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස පත්වුණි

17


ස්පුට්නික් V – Light Version එක නිකුත් කරයි.
Saturday, 08 May 2021 - 11:47

COVID-19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ තනි මාත්‍රා එ...Read More

සෞදි අරාබිය හා ඉරානය අතර සාකච්ඡා පැවති බව සන...
Saturday, 08 May 2021 - 11:45

ඉරානය හා සෞදි රජය අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා...Read More

ටෝකියෝ ඔලිම්පික් සඳහා ‌සුදුසුකම් ලබාගත් දෙ...
Friday, 07 May 2021 - 16:54

2021 ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්...Read More