සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සෙත් රත්නපුර මාර්ගය ඔස්සෙත් නිරෝධායන උපදෙස්වලට අනුකුලව ශ්‍රී පාදය කරුණා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබෙනවා. හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දුම්රිය ලංගම ඒකාබද්ධ සේවයක්ද එක් කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ. ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ට නිරෝධායන උපදෙස් පිලිපදින ලෙස නල්ලතන්නිය පොලීසිය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් විශේෂ විකාශන සේවාවක්ද නල්ලතන්නිය පොලීසිය අසල දියත් කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයත්, ඉදිකටු පහන සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා ආරක්ෂිත වැටද විෂිබජහරණයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.
64