ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක්

Saturday, 27 February 2021 - 10:04

කොරෝනා වසංගත රෝගී තත්ත්වයෙන් ගුවන් තොටුපළ සේවකයින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් කටුනායක ගුවන් තොටුපල වෙත පරිත්‍යාග කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමත් අතර දිගු කාලයක් තිස්සේ පවත්වා ගෙන එනු ලබන ඉහළ මිත්‍රශීලීභාවයත් දිනෙන් දින වර්ධනය වන සසහයෝගිතාවයත් මුල් කරගනිමින් මෙම පරිත්‍යාගය සිදු කර තිබෙනවා. එලෙස පරිත්‍යාග කළ උපකරණ අතර ආරක්ෂිත ඇදුම් කට්ටල 270 ක්, පාවහන් ආවරණ පෙට්ටි 01 ක්, බැහැරලිය හැකි මුහුණු ආවරණ 24,000 ක්, කේ එන්- 95 මුව ආවරණ 4800 ක්, ආරක්ෂක ඇස් කණ්නාඩි 120 ක්, අත් ආවරණ 500 ක් සහ ජීවානුහරණ ලාම්පු උපකරණ 05 ක් ද තිබෙන බව සදඟන්. මෙම උපකරණ භාර දීම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ඊයේ දින පැවති උත්සවයකදී සිදු කෙරුණු අතර එම උපකරණ ප්‍රදානය සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක හූ වෙයි මහතා සහභාගී වූ අතර ඒවා භාර ගැනීම සදහා සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වී ඒ ආර් එස් සෝවිස් මහතා විසින් සිදු කෙරුණා.

63


ගම්පහින් අවුරුදු උත්සව කොවිඩ් පොකුරක්..
Thursday, 22 April 2021 - 10:57

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ  (21) දින කොවිඩ් ආස...Read More

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා වූ වෙනස්කම් කඩින...
Thursday, 22 April 2021 - 10:54

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් ...Read More

දවසේ කාලගුණ.
Thursday, 22 April 2021 - 10:52

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද, වයඹ ස...Read More