වතු කම්කරුවන් සහ වතුපාලන අධිකාරිය අතර නොසන්සුන්කාරි තත්ත්වයක්

Saturday, 27 February 2021 - 10:01

බගවන්තලාව පොලිස් වසමට අයත් සෙන් ජොන් ටිලරි වතු යායේ වසා දමා ඇති තේ කර්මාන්ත ශාලාවේ කොටස් ගලවා ඉවත් කිරීමට එරෙහිව වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරිය අතර නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වුණා.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි මෙම තේ කර්මාන්ත ශාලාව රජය මගින් තේ වතු සමාගම්වලට කල්බදු පදනම මත 1992 වසරේදි ලබා දී තිබෙනවා. තේ වතු සමාගමක් විසින් එම වතු යාය කල්බදු පදනම මත ලබා ගැනීමෙන් පසු එම තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම තේ කර්මාන්ත ශාලාවේ තිබූ යන්ත්‍ර සූත්‍ර එම වතු සමාගමට අයත් වෙනත් තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන ගොස් සවි කර තිබෙනවා.
එම තේ කර්මාන්ත ශාලාවේ දැනට ඉතිරිව ඇති සෙවිලි තහඩු, ලෑලි සහ යකඩ වතු සමාගමේ උපදෙස් පරිදි වතු පාලන අධිකාරිය මගින් සතියකට පමණ සිට ගලවා ඉවත් කිරීමේ කටයුතු සිදු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඉතිරිව ඇති සෙවිලි තහඩු සහ අනෙකුත් උපකරණ ගලවා ඉවත් කිරීමට යාමේදි එම වතු යායේ වතු කම්කරුවන් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් යන මහතුන් එම තේ කර්මාන්ත ශාලාව වෙත පැමිණ තේ කර්මාන්ත
ශාලාවේ ඉතිරි කොටස් ගැලවීම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරියට විරෝධය දක්වා තේ කර්මාන්ත ශාලාවේ ගැලවීම් කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා. නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ වතු කම්කරුවන් කියා සිටින්නේ තේ කර්මාන්ත ශාලාව ගලවා ඉවත් කිරීම වෙනුවට එම තේ කර්මාන්ත ශාලාව වතුකරයේ රැකියා විරහිත තරුණ ප්‍රජාව වෙනුවෙන් ස්වයං රැකියා සිදු කළ හැකි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපනය කල යුතු බවයි.
වතු කම්කරුවන් සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ දැඩි විරෝධය හමුවේ වතු පාලන අධිකාරිය විසින් තේ කර්මාන්ත ශාලාවේ ඉතිරිව ඇති කොටස් ගලවා ඉවත් කිරීම තාවකාලිකව නතර කරනු ලැබුවා.

56


ගම්පහින් අවුරුදු උත්සව කොවිඩ් පොකුරක්..
Thursday, 22 April 2021 - 10:57

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ  (21) දින කොවිඩ් ආස...Read More

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා වූ වෙනස්කම් කඩින...
Thursday, 22 April 2021 - 10:54

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් ...Read More

දවසේ කාලගුණ.
Thursday, 22 April 2021 - 10:52

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද, වයඹ ස...Read More