හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් අත්අඩංගුවට

Saturday, 27 February 2021 - 09:52

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සිදුකළ විමර්ශනයකදීයි. රාගම ප්‍රදේශයේ සිදුකරනු ලැබූ මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් හා රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් සමග පුද්ගලයෙකු පළමුවෙන්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි. ඇයගේ භාරයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.


58


ගම්පහින් අවුරුදු උත්සව කොවිඩ් පොකුරක්..
Thursday, 22 April 2021 - 10:57

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ  (21) දින කොවිඩ් ආස...Read More

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා වූ වෙනස්කම් කඩින...
Thursday, 22 April 2021 - 10:54

අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් ...Read More

දවසේ කාලගුණ.
Thursday, 22 April 2021 - 10:52

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද, වයඹ ස...Read More