සෞදි අරාබියේ දීර්ඝ කාලීන ඛණිජ තෙල් අමාත්‍ය යමානි සිය 91 වියේ අභාවප්‍රාප්ත වෙයි

Saturday, 27 February 2021 - 09:35

1973 තෙල් අර්බුද සමයෙහි සවුදි අරාබියට අවශ්‍ය උපදෙස් ලබා දුන් හා සවුදියේ රාජ්‍ය බලශක්ති සමාගම ජනසතු කිරීමට මුලපිරූ තෙල් ඇමති අහ්මඩ් සකි යමානි පසුගිය දින ලන්ඩන් නුවරදී අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 90 වියේ පසු අත ඔහුගේ අවසන් කටයුතු මක්කා නගරයෙහි සිදු කරනු ඇත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. පසු කලෙක තෙල් සම්පත හිමි රටවල් විසින් පිහිටා ගන්නා ලද ඔපෙක් සංවිධානයෙහි සවුදි අරාබියේ අභිබවනය බොහෝ කලකට තිබෙන්නට හේතු වුයේද බටහිර පන්නයට කටයුතු කරන මොහු වේ. දැනුදු එම සංවිධානයේ ප්‍රබලම සාමාජිකයෙකු ලෙස සවුදි්ය වැජඹෙයි. සවුදියට පමණක් නොව තෙල් නිෂ්පාදනය කරන රටවලට සාධාරණ මිලක් ලබා දීමට යමානිගේ මුලෝපා පිහිට විය. ඔහුගේ වෑයම නොතිබෙන්නට බොර තෙල්වල මිල නියම කිරීමේ අවිධිමත් අධිකාරිය රඳවාගෙන සිටියේ බොර තෙල් නිෂ්පාදනය කරන රටවල් නොව එය වැඩි වශයෙන් පරිභෝජනය කරන බටහිර හා යුරෝපීය රටවල්ය. ඒ අනුව බොර තෙල් ලෝකයේ අසහාය විරුවා ලෙසින් ඔහු ගරු බුහුමනට ලක් විය. ගෝලීය පතාකයන් සමග ගැටී අපමණ සාධන සිදු කළ යමානි යතාර්ථයෙන් ඉතා සනු්සුන් ගතිගුණ සහිත පහත් හඬින් කථා කරන්නෙකු විය. යමානිගේ සාර්ථකත්වයෙන් චේතනාරූඨවු පසුව පැමිණි සවුදි තෙල් ඇමතිවරුන්ද ඔහුගේ ශෛලිය අනුකරණය කරන්නට වුහ. 1930 වසරෙහි මක්කාවේ උපන් යමානි පසුව හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තේය. 1962 වසරෙහි සවුදියේ තෙල් අමාත්‍යවරයා බවට පත් වුනු යමානි 1986 දක්වා එම තනතුර හෙබවුයේය. 1973 ඔක්තෝම්බර් මස මිසරය හා සිරියාව ඇතුලු රටවල් කිහිපයක් ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් එල්ල කළ විට එවකට ඇමරිකාවේ ජනාධිපතිව සිටි රිචර්ඩ් නික්සන් වහා යුදෙව්වන්ට සහය දැක්වීමට ඉදිරිපත් විය. එයට ප්‍රතිප්‍රහාරයක් ලෙසින් ඛණිජ තෙල් ආනයන රටවල්වල සංවිධානයේ රටවල බොර තෙල් නිෂ්පාදනය මසකට සියයට 5 බැගින් අඩු කරන්නට යමානි එම සංවිධානයේ සාමාජිකයන් කැමති කර ගන්නට සමත් විය. තෙල් අවියක් ලෙසින් භාවිත කරන ප්‍රවණතාවය අරාබි ලෝකය ආදේශ කර ගත්තේ එතැන් පටන්ය. එයින් අනතුරුව තෙල් මිල 40 % කින් ඇමරිකාව ඇතුලු රටවල වැඩි වු අතර තෙල් හිගය නිසා ඉන්ධනහල් ඉදිරියේ දිගූ වාහන පෝලිම් නිර්මාණය වී ජනාධිපති නික්සන්ට දේශපාලනමය ලෙසින් දැවැන්ත පීඩනයක් ඇති කළේය. තෙල් නිෂ්පාදනය කරන රටවල් මත තමන් කෙතරම් ආධීනව සිටින්නේද යන කාරනාව ඇමරිකාව ඇතුලු රටවලට ප්‍රත්‍යක්‍ෂ වුයේ මෙම අර්බුදයෙන් පසුවය. යමානිගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් කිහිපයක් සිදු වු අතර 1975 දෙසැම්බර් වියන්නාවේ ඔපෙක් මුලස්ථානයට සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරය ඉන් වැදගත් එකකි. එවිට තිදෙනෙකු මරුමුවට පත් වු අතර මුලස්ථාන ගොඩනැගිල්ලේ ප්‍රාණ ඇපකරුවන් ලෙසින් සිර කර තබා ගත් 11 දෙනා අතර යමානිද විය. ප්‍රහාරය සිදු කරන ලද්දේ පලස්තීනයට සහය දක්වන සටන්කාමීන් ණ්ඩායමක් විසිනි. මෙම සිද්ධියෙන් පසු යමානි කොහි ගියද ආරක්‍ෂ නිලධාරින් පිරිවරක් සමගම ගියේය. 1986 සවුදියේ රජු ලෙස සිටි ෆහ්ද් සමග තෙල් නිස්පාදන ප්‍රතිශතය පිළිබඳ ඇති වු මතභේදයකින් පසුව රජු විසින් යමානිව තෙල් ඇමති තනතුරෙන් නෙරපා දමන ලදී

64


2020 මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතර මුල් ත...
Thursday, 22 April 2021 - 10:46

2020 ගෝලීය වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රට...Read More

ඉන්දුනීසියානු සබ්මැරීනයක් අතුරුදන්.
Thursday, 22 April 2021 - 09:45

සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නා...Read More

ඇමෙරිකානු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තවත් කල...
Thursday, 22 April 2021 - 09:37

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩ...Read More