කොවිඩ් එන්නත ලබාගන්නා අයට අයිස්ක්‍රීම් එකක් නොමිලේ

Thursday, 25 February 2021 - 10:18

රුසියාවේ නිධන්ගත රෝග නොපවතින සියලුම වැඩිහිටියන් පවා නොමිලේ එන්නත් ලබාගැනීමට මේ වනවිට සුදුසුකම් ලබා සිටියත්, මිලියන 12කට අධික ජනගහනයක් සිටින මොස්කව් හි මේ දක්වා එන්නත ලබාගෙන ඇත්තේ ලක්ෂ 6කට අඩු පිරිසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ තත්ත්වය තුළ එන්නත් ලබාගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට විවිධ උපක්‍රමයන්ද එරට තුළ භාවිත වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව ස්පුට්නික්-වී එන්නත ලබාගැනීම සඳහා මොස්කව් හි GUM සාප්පු සංකීර්ණය වෙත යන ජනතාවට එන්නත විදගන්නේ නම් චොක්ලට් තැවරූ ආවරණයක් සහිත වැනිලා අයිස්ක්‍රීම් එකක් නොමිලේ භුක්ති විඳීමට අවස්ථාව දී ඇත්තේ දිරිගැන්වීමක් ලෙසින්. මෙම ස්ථානයේ දිනකට 200ක් පමණ එන්නත් කරන බව සඳහන්. එමෙන්ම දිවා ආහාරයෙන් හෝ රාත්‍රී ආහාරයෙන් පසුව එන්නත් ලබාගැනීමට හැකි ලෙස මොස්කව් හි ප්‍රකට ආපන ශාලාවන් හිද එන්නත් ලබාදීමේ අවස්ථා ක්‍රියාවට නංවා තිබෙනවා. එය ජනතාව එන්නත ලබාගැනීම සඳහා දිරිගැන්වීමටයි. මීට අමතරව ශාස්ත්‍රීය සංගීතයට ඇලුම් කරන්නන් සඳහා, මොස්කව්හි ඔපෙරා හවුස් හිද එන්නත් මධ්‍යස්ථානයක් තිබෙනවා. මෙම එන්නත වසංගතයෙන් බේරීමට ඇති හොඳම අවස්ථාව බවට පණිවිඩය ඒ හරහා ජනතාවට ලබාදෙනවා. කෙසේ වෙතත් රුසියාව තුළ එන්නත් ලබාගැනීම සඳහා ජනතාව තුළ ඇති උන්නදුව තවමත් ප්‍රමාණවත් තරම් නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. එය වසංගතය පරාජය කිරීමට එරට දරණ උත්සාහයට දැඩි බාධා එල්ල කර තිබෙනවා.
61


2020 මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතර මුල් ත...
Thursday, 22 April 2021 - 10:46

2020 ගෝලීය වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රට...Read More

ඉන්දුනීසියානු සබ්මැරීනයක් අතුරුදන්.
Thursday, 22 April 2021 - 09:45

සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නා...Read More

ඇමෙරිකානු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තවත් කල...
Thursday, 22 April 2021 - 09:37

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩ...Read More