මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදෙස් රටවල සිටින පුද්ගලයන් මෙරට විදේශ අමාත්‍යංශයෙන් හෝ ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අනුමැතිය ලබාගත යුතු පව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. මෙය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මෙරට සංචාරය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයන්ටද අදාල වන බවයි එම අධිකාරිය පවසන්නේ.
එසේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ඒ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය හරහා ඒ ඒ ගුවන් සමාගම් දැනුවත් කරන අතර ගුවන් ටිකට්පත් නිකුත් කිරීම සිදු වන්නේ ඒ අනුවයි.
මීට අදාල සියලු තොරතුරු caaslpax@caa.lk යන විද්‍යුත් ලිපියනය හරහා ලබාගත හැකි බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙනවා.
29